Tuesday, December 31, 2019

Fiverr : අඩු delivery time එකක් දාන එක හොඳද?

Fiverr එකේ customer කෙනෙක් seller කෙනෙක්ව search කරද්දී ගොඩක් දුරට බලන්නේ gig price එකයි delivery time එකයි කියන කරුණු දෙක. ඒ අතින් බලනකොට පුළුවන් තරම් අඩු delivery time එකක් දාන එක seller ට වාසියි. Gigs search කරනකොට 24 hours delivery time එක දාපු gigs එහෙමත් ගොඩක් තියෙනවා අපි දකිනවා. 

හැබැයි gig එකක හරි, custom offer එකක හරි අඩු delivery time එකක් දැම්මම එන ප්‍රශ්න කීපයක් තියෙනවා. පලවෙනි එක, අපි අපේ project  එක වෙලාවට deliver කලාට customer ල සමහරක් accept කරන්නේ නැති එක. ඒකට විවිධ හේතු තියෙන්න පුළුවන්. Sellers ල වගේ customers ලා හැම වෙලේම fiverr එකේ online ඉන්නේ නැ. එයාල එයාලගේ වැඩ කරලා මතක් උන වෙලාවට තමයි අපි වැඩේ deliver කරාද කියල බලන්න එන්නේ. අපි හිතමු අපේ gig එකේ (හෝ custom offer එකේ) 2 days delivery time දැම්ම කියල. ඉතින් customer දවස් දෙකක් online ආවේ නැත්නම් project එක late delivery කියල වැටෙනවා. ඊට පස්සේ ඒක fiverr එකට කිව්වා කියල වැඩක් නැ. Customer ට කිව්වට වැඩකුත් නැ. සමහර customer ලා එයාලගේ විවිධ ප්‍රශ්න නිසාත් සතිය දෙක fiverr එකට එන්නේ නැතුව ඉන්නවා.

Customer deliver කරපු එක accept කලේ නැත්නම්, දවස් 3 කදී project එක auto complete වෙනවා. ඉතින් අපි අඩුම තරමේ දවස් 4 ක් වත් delivery time එක දැම්මොත්, මේ ගැටලුවට ඒක උත්තරයක් වෙනවා.

දෙවෙනි එක, customer අපේ result එකට කැමති නොවෙන්න පුළුවන්. එයා revision ඉල්ලන්න පුළුවන්. සාමාන්‍යයෙන් fiverr seller කෙනෙක්ටම අපි sell කරනවා නම් එයාල දන්නවා review එකක වටිනාකම. ඒ වගේම වෙලාවට deliver කරන එකේ අවශ්‍යතාවය. හැබැයි customer කෙනෙකුට මේවා තේරෙන්නේ නැ. එයා බලාපොරොත්තු උන විදිහට result එක නොතිබුනොත් එයා කරන්නේ revision ඉල්ලන එක. 

අපිට අපේ gig එකේ අපි දෙන free revisions ගැන පෙන්නන්න පුළුවන්. අපි හිතමු අපි delivery time එක දවස් 4 ක් දාල free revision 1 ක් දෙනවා කියල. සමහර customer ලා අපි deliver කරපු එකට reply නොකර දවස් 3ක් ඉදල auto deliver වෙන්න ඔන්න මෙන්න තියල revision request කරනවා. ඒ වගේ වෙලාවට අපිට මොනවා කරන්නත් තියෙන්නේ එක දවසයි. අපිට පුළුවන් delivery time එක extend කරන්න පුලුවන්ද කියල අහන්න. එකට එයා කැමති උනොත් හොදයි. අකමැති උනොත් හරි reply නොකර හිටියොත් හරි late delivery වැටෙනවා. ඉතින් මේ වගේ වෙලාවට අපි දෙන free revisions ගාන අනුව delivery time එක වැඩි කරන්න වෙනවා.

Order එකක් late delivery කියල mark උනාම වෙන්නේ seller ගේ Delivered on Time rate එක අඩු වෙන එක. Delivered on Time rate එක 90% ට වඩා අඩු උනා කියන්නේ ඊට පස්සේ වැඩ එන්නේ නැ. අයේ දවස් 60 ක් ඉන්න ඕන Delivered on Time rate එක වැඩි වෙන්න.

Seller ගේ level එක Level 1  Level 2  හරි Top Level හරි තියෙනවා නම් ප්‍රශ්නේ තවත් වැඩි වෙනවා. Delivered on Time rate එක 90% ට වඩා අඩු නම් Seller level එක ඊලග එකට අඩු වෙනවනේ. ඉතින් Seller level එක අයේ මුල් තත්වෙට ගන්න තව දවස් 60 ක් හොදට වැඩ කරන්න වෙනවා.  



මේ ප්‍රශ්න අතරේ Seller level එක වෙනස් නොවී තියාගන්න මම කරන්නේ 10 days standard delivery Time  එකක් තියාගෙන ඉන්න එක. Gigs වලටත්, custom offer වලටත් දාන්නේ දවස් 10 යි. දැන් late delivery ගැටලුව එන්නේ නැ නේ. හැබැයි customer ලා කතා කරන්නේ නැ කල් වැඩි නිසා. ඒකට මම කරන්නේ gig description එකේ මෙහෙම දාල තියෙනවා.

"මට දවසින් project එක deliver කරන්න පුළුවන්. Free revisions 3 ක් දෙනවා. ඒ ඔක්කොටම දවස් 5 ක් විතර යනවා. අපි අපේ Customer ලා ගෙන් සාමාන්‍යයෙන් දවස් 10 ක delivery time එකක් ඉල්ලනවා."

කියල.

ඉතින් අඩු delivery time එකක් දාන එක ගැන  මගේ අදහස තමයි මේ කිව්වේ. දවස් 10 ක් ම නැති උනත් තමන්ගේ service type එකට ගැලපෙන්න ටිකක් දින ගාන ටිකක් වැඩි කරලා දැම්මොත් Delivered on Time rate  එක 90% ට වඩා වැඩියෙන් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ Seller level එකට ප්‍රශ්නයක් නොවී තියාගන්න පුළුවන්.

No comments:

Post a Comment